All Stories

අගමැතිගේ රාමසාන් දින පණිවුඩය​

ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින අපගේ ඉස්ලාම් භක්තික සහෝදර සහෝදරියන් පූජනීය රාමසාන් උත්සවය සමරන මේ මොහොතේ, සාමය, සමෘද්ධිය සහ අධ්‍යාත්මික සැනසීම වෙනුවෙන් මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

අගමැතිගේ රාමසාන් දින පණිවුඩය​

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිරසබරගමුවදකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයෙන් දෙරටට වාසි රැසක්

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පරිදි , ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 4 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණෙන බ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්  ජායිදීප් මසුම්දර් මහතා පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයෙන් දෙරටට වාසි රැසක්

පළාත් පාලන ඡන්දවිමසීමට අදාලව මාධ්‍ උපමාන අනුව ක්‍රියා කරන්නැයි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් දැනුම්දීමක්

එළඹෙන මැයි මස 06 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන අනුව ක්‍රියා කරන්නැයි රජයේ  ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

පළාත් පාලන ඡන්දවිමසීමට අදාලව මාධ්‍ උපමාන අනුව ක්‍රියා කරන්නැයි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් දැනුම්දීමක්

ජාතික බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් කර්මාන්තකරුවන්ගේ බදු ගැටලු විසඳීමට කටයුතු කරනවා - කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ජාතික බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් ඉක්මනින්ම කර්මාන්තකරුවන්ගේ බදු ගැටලු විසඳීමට කටයුතු කරන බවත්, දීර්ඝ කාලයක් පුරා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබූ ගැටලු විසඳීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නව රජය විසින් ක්‍රියාත්මක කරන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

 ජාතික බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් කර්මාන්තකරුවන්ගේ බදු ගැටලු විසඳීමට කටයුතු කරනවා - කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

හිටපු පොලිස්පති ධූරයෙන් ඉවත්කරන යෝජනාව අප්‍රේල් 8 හෝ 9 පාර්ලිමේන්තුවට

වැඩ තහනමකට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඊයේ (26) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

අදාළ යෝජනාව කථානායකවරයා වෙත භාර දීමට ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් පසුගියදා(25) කටයුතු කළේය.

 හිටපු   පොලිස්පති ධූරයෙන් ඉවත්කරන යෝජනාව  අප්‍රේල් 8 හෝ 9 පාර්ලිමේන්තුවට

විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය සඳහා විශාඛා විද්‍යාලයේ සිසුවියන් පැරණි පාර්ලිමේන්තුවට

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මගින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව කොළඹ විශාඛා විද්‍යාලයේ විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී අද (25) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය සඳහා විශාඛා විද්‍යාලයේ සිසුවියන්  පැරණි පාර්ලිමේන්තුවට

පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතයක් කථානායක වෙත භාර දෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත්කිරීම සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේ  කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා වෙත අද (25) භාරදෙන ලදී. මේ සඳහා මන්ත්‍රීවරුන් 115 දෙනෙකු අත්සන් තබා තිබේ.

පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතයක් කථානායක වෙත භාර දෙයි

පිරිවෙන් මණ්ඩලය රැස් වෙයි

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය සහභාගී වූ පළමු පිරිවෙන් මණ්ඩල රැස්වීම 2025/03/24වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේ සභික මණ්ඩල රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි.

පිරිවෙන් මණ්ඩලය රැස් වෙයි

මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට (UNOPS) හි සහාය අඛණ්ඩව

මෙරට  නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහය අඛණ්ඩව, ඉදිරියටත් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ චාල්ස් කැලනන් මහතා අවධාරණය කර සිටියේ ය.

මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට (UNOPS) හි සහාය අඛණ්ඩව

රට සුබවාදී අනාගතයක් කරා ගෙන යා හැකි බවට වන සංඥාව රටට ලබා දුන්නා

  • ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නැහැ: මෙරට ආර්ථිකයේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරනවා
  • රට දින වීමේ ගමනට අකුල් හෙළු පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න- ජනපති පාර්ලිමේන්තුවේදී පවසයි
රට සුබවාදී අනාගතයක් කරා ගෙන යා හැකි බවට වන සංඥාව රටට ලබා දුන්නා

පාර්ලිමේන්තුව මැයි 08 සහ 09 දෙදින රැස් වේ

එළ⁣ඹෙන පළාත් පාලන මැතිවරණය මැයි මස 6 වෙනිදාට යෙදී ඇති බැවින් මැයි මස පළමු පාර්ලිමේන්තු රැස්වීම්  සතියට අදාළ  පාර්ලිමේන්තු රැස්වීම් මැයි 8 සහ 9 දෙදින පමණක් පැවැත්වීමට ඊයේ (21)   කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.  

පාර්ලිමේන්තුව මැයි 08 සහ 09 දෙදින රැස් වේ
Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.