නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගියදා (01) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගියදා (01) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනඟන අතරම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද රජය භාරගෙන තිබෙන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය සමඟ සමාජය දැවැන්ත විනාශයකට ඇඳ දමා තිබෙන කළු පාලනය අවසන් කිරීමට රජය තැබූ පියවර කිසිසේත් ආපසු හැරවීමට කටයුතු නොකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) දහවල් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද නලින්ද ජයතිස්ස මහතා ඊයේ (02) මහනුවර දී අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවියෙන් සම්ප්‍රසාදිත නාරම්පනාවේ ශ්‍රී සුමනතිස්ස ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා, කෙටි පිළිසදරක නිරත විය.
අද (03) මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ රාජකීය මඟුල් මඩුවේ දී අනුනායක පදවියෙන් සම්ප්‍රසාදිත නාරම්පනාවේ ශ්‍රී සුමනතිස්ස ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ වෙත අතිගරු ජනාධිපතිතුමන් විසින් ශ්‍රී සන්නස් පත්‍ර ප්රදානෝත්සවය ඉපැරණි සිරිත් පරිදි සිදු කිරීමට නියමිත අතර ඒ පිළිබඳව මෙන්ම එම ප්‍රදානෝත්සවයේ සජීවී විකාශයන් පිළිබඳව ද අමාත්‍යවරයා විසින් මෙහි දී අනුනායකහිමියන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.
ඒ මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍ය මගින් මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනු ලබන විශේෂ ව්‍යාපෘතියක්වන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” දීප ව්‍යාප්තව ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහි දී අනුනායක හිමියන් දැනුවත් කර සිටියේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ද එක්ව සිටියහ.
පසුගිය වසර තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි සමබරතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඩිජිටල් කාර්ය සාධක බලකාය පත් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම වෙනුවෙන් බවත් ඩිජිටල්කරණයෙන් අධ්‍යාපන පරිවර්තනයේ සුවිශේෂී වෙනසක් සිදු කළ හැකි බවත් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසී ය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නව ව්‍යවසායක සමුළුවක් සහ නවෝත්පාදන උළෙල වන “Disrupt Asia 2025හි ප්‍රධාන සමුළුව අද (18) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැත්වුණු අතර, එම සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගිවිය.
ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ(16) පස්වරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරීමේ ව්‍යාපෘතියට සහාය වීම සඳහා නෙදර්ලන්තය යුරෝ 730,000ක අතිරේක ප්‍රදානයක් අනුමත කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
මානව හිමිකම් කවුන්සිලයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් මගින් පමණක් වගවීමේ ක්‍රියාවලියකට පිවිසීමට රජය සූදානමින් පසු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු 'කලා වැව ආයෙත් අලින්ට දෙමු' ව්‍යාපෘතිය පසුගිය තෙදින පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල ගැලීම් ප්‍රදේශය ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.
මෙරට තරුණ තරුණියන්ගේ සහ ළමුන්ගේ පාරිසරික දැනුම ඉහළ නැංවීම සඳහා රජය කටයුතු කරන බවත් , රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් , ඒ සඳහා ගෝලීය වශයෙන් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය යෝජනා කර ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.
ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ , කොමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් , පානදුරේ නිලංග සහ තැඹිලි ළහිරු නැමති අන්වර්ථ නාම වලින් හදුන්වන ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 05 දෙනා අද (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් ටෝකියෝහි ඉම්පීරියල් හෝටලයේදී ඊයේ (30) පැවැත්විණි.
ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය විසින් මෙම උදෑසන භෝජන සංග්‍රහය සංවිධානය කරනු ලැබ තිබුණි. දෙරටේ පාර්ලිමේන්තුවල සාමාජිකයන් අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සභාපති යොෂිතාකා ෂින්ඩෝ (Yoshitaka Shindo) සහ මහලේකම් යුකෝ ඔබුචි (Yuko Obuchi) යන මහත්ම මහත්මීහු මෙහිදී ප්‍රකාශ කළහ. දෙරටේ අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ. ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය කෙයිසෝ ඔබුචි (Keizo Obuchi) මහතාගේ මූලිකත්වයෙන් 1982 වසරේ දී ස්ථාපිත කරන ලද්දකි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.