කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනා දිවයිනට

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනා   දිවයිනට
  • SocialShare:

ඉන්දුනීසියාවේ දී අත් අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ , කොමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් , පානදුරේ නිලංග සහ තැඹිලි ළහිරු නැමති අන්වර්ථ නාම වලින් හදුන්වන ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 05 දෙනා අද (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.


මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක් අද රාත්‍රී ගුවන්තොටුපොළට ගිය අතර, කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එහිදී පැවසීය.