සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ වෙළඳ නියෝජිත එවර්ටන් හි හැනට් සාමිවරයා (Lord Hannett of Everton) අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ වෙළඳ නියෝජිත එවර්ටන් හි හැනට් සාමිවරයා (Lord Hannett of Everton) එම සංචාරය අතරතුර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා හමුවූ අතර ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrik) මහතා ද එම විශේෂ අවස්ථාවට එක්ව සිටියේය.
හමුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක වන නව වැඩසටහන්, සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන වර්තමාන අභියෝග, රජයේ රෝහල් සඳහා නවීන වෛද්‍ය උපකරණ ස්ථාපනය කිරීමේ වැඩපිළිවෙළ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය මුහුණ දෙන බෝවන හා බෝනොවන රෝග ආශ්‍රිත අභියෝග , රෝගී සත්කාර සේවාවන් කාර්යක්ෂමව පවත්වාගෙන යාමේදී පවතින තාක්ෂණික හා මූල්‍ය අවශ්‍යතා පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා හැනට් සාමිවරයා දැනුවත් කළේය.
එහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබාදීමට තමන්ගේ කැමැත්ත පළ කරන බව හැනට් සාමිවරයා සඳහන් කළේය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “ආරෝග්‍යා” ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දීපව්‍යාප්තව ස්ථාපිත කිරීමේ වැඩසටහන , සෞඛ්‍ය යටිතල පහසුකම් නවීකරණය කිරීම, නවීන තාක්ෂණයෙන් සමන්විත සෞඛ්‍ය සේවාවක් ගොඩනැගීම සහ සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
වත්මන් රජය ගෙන යන ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙළ අගය කළ හැනට් සාමිවරයා, බ්‍රිතාන්‍යයේ දියුණු සෞඛ්‍ය පද්ධතියේ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදාගැනීමට සූදානම් බවත්, දෙරට අතර සෞඛ්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවත් ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ හැනට් සාමිවරයා අතර පැවති පළමු හමුව මෙය වන අතර වසරක් තුළ හැනට් සාමිවරයා ශ්‍රී ලංකාවේ සිදුකළ දෙවන නිල සංචාරය අතරතුර මෙම හමුව පැවැත්විණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොසාරිස් කාර්යාලයේ වෙළද සහ ආයෝජන ප්‍රධානී අසන්ති ප්‍රනාන්දු, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවයාගේ පෞද්ගලික ලේකම් සුමාල් ධනුෂ්ක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඒක්ව සිටියහ.


