පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති රාමුවට අනුගතව , 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025 ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති රාමුවට අනුගතව , 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025 ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඉන්දියානු බලශක්ති ක්ෂේත්රයේ ප්‍රමුඛයින් සහ ආයෝජකයින් ඇතුළු දූත කණ්ඩායමක් ඊයේ (30) බලශක්ති අමාත්‍යාංශයේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවිය.
මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුදැරියන්ට පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අද (01) අවස්ථාව උදා විය.
බස් රථ ධාවනයේදී සිදුවන අනතුරු අවම කරගැනීමේ අරමුණින් අද [01] සිට බස් රථ රියදුරන් සඳහා ආරක්ෂක බඳපටි පැළදවීම අනිවාර්ය කිරීමට ජාතික ගමනාගමන කොමිසම කටයුතු කර ඇත.
බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූව ලබාදීම සඳහා කළුතර ශික්ෂණ රෝහල තුළ මහාචාර්ය ඒකකය ස්ථාපිත කිරීම පිළිබඳ ව මෙන් ම රෝහලේ පවතින ගැටළු කිහිපයක් පිළිබඳ ව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා (28) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
මෙරට පර්යේෂණ සහ සංවර්ධන (Research & Development ) ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් රජය මේ වන විට වැදගත් පියවර කිහිපයකට එළැඹ තිබේ.
නව පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති අතර, විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ (NASTEC) සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් විශේෂඥයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් ඇතුළු ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා සම්පත්දායකත්වය සපයා ඇත.
මෙම නව පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීමේදී සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමේ වැදගත්කමද හඳුනාගෙන ඇති අතර, මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන රැස්වීම් මාලාවක් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතය.
අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සහ පෞද්ගලික පර්යේෂණ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ විවිධ ක්ෂේත්රවල විශේෂඥයින් මෙම රැස්වීම් සඳහා සහභාගී වීමට නියමිත අතර, සියලුම අංශවල අවශ්‍යතා සහ අපේක්ෂා මෙම පර්යේෂණ සහ සංවර්ධන ජාතික ප්‍රතිපත්තියට අන්තර්ගත කර ගැනීම එහි අරමුණයි.
මෙම නව ප්‍රතිපත්තිය මගින් රජයේ ජාතික සංවර්ධන දැක්මට සමගාමීව, නවෝත්පාදන වාණිජකරණය වේගවත් කිරීමත්, එමගින්, සමාජ සංවර්ධනය හා පරිසර තිරසරභාවය අත්පත් කර ගැනීමත් අපේක්ෂා කෙරේ.
කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇත. ඉන් මෙට්‍රික් ටොන් 5,000 ක් රජයේ ආයතන මඟින්ද, සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින්ද ආනයනය කිරීමට තීරණය වී තිබේ.
වත්මන් රජයේ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශය තුල සඳහන් සමුපකාර පුනරුදය වෙනුවෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙහෙයවන "නිෂ්පාදන සමුපකාර දහසක්" ආරම්භ කිරීමේ වැඩසටහනේ පළාත් මට්ටමින් සමුපකාර කොමසාරිස්වරුන් සහ පළාත් සමුපකාර අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කිරීමේ මූලික වැඩසටහන ඊයේ (25) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ අරමුණින් පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) අතර සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල පැවැත්විණි.
රටක් වශයෙන් ආර්ථිකය ස්ථාවරත්වයට පත්වෙමින් සිටින මොහොතක මැදපෙරදිග යුදමය තත්වය, ශ්‍රී ලංකාවට අතිශය පාඩු සහ අවධානම් සහගත බවත්, එහෙත් මෙම තත්වය සමීපව අධ්‍යනය කරමින් මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් සිදුවන ආර්ථික හානිය අවම කර ගැනීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල්වල ඩෙංගු මැඬලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ජූලි 09වන දා සංවිධානය කර තිබේ.
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් ටෝකියෝහි ඉම්පීරියල් හෝටලයේදී ඊයේ (30) පැවැත්විණි.
ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය විසින් මෙම උදෑසන භෝජන සංග්‍රහය සංවිධානය කරනු ලැබ තිබුණි. දෙරටේ පාර්ලිමේන්තුවල සාමාජිකයන් අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සභාපති යොෂිතාකා ෂින්ඩෝ (Yoshitaka Shindo) සහ මහලේකම් යුකෝ ඔබුචි (Yuko Obuchi) යන මහත්ම මහත්මීහු මෙහිදී ප්‍රකාශ කළහ. දෙරටේ අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ. ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය කෙයිසෝ ඔබුචි (Keizo Obuchi) මහතාගේ මූලිකත්වයෙන් 1982 වසරේ දී ස්ථාපිත කරන ලද්දකි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.