ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර වෙළඳ සබඳතා දියුණු කිරීම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ(24) පැවැත් විණි.
ඊජිප්තු ආයෝජන හා විදෙස් වෙළඳ කටයුතු අමාත්‍ය Hassan El Khatib මහතා හා කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හමු වූ අවස්ථාාවේදීයි.
චීනයේ ටියැන්ජින් (Tianjin, China) නුවර පැවැත්වෙන “World Economic Forum 2025” - නව නායකයන්ගේ වාර්ෂික සමුළුව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී වූ අතර එම සමුළුවට ඊජිප්තු වෙළෙඳ අමාත්‍යවරයාද ඇතුළු නියෝජිත පිරිසක්ද එක්ව සිටියහ.
,නව රජය විසින් කර්මාන්තකරුවන්ට හා ආයෝජකයින්ට වඩාත් පහසු වටපිටාවක් සැදීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සම්බන්ධවත් ,
දිර්ඝ වශයෙන් සාකච්ඡා කල අතර ඉදිරියේදී මෙම සාකච්ඡා කල කරුණු වැඩපිළිවෙළක් දක්වා ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු පිලිබඳවද සාකච්ඡා කලේය.


