බස් රථ ධාවනයේදී සිදුවන අනතුරු අවම කරගැනීමේ අරමුණින් අද [01] සිට බස් රථ රියදුරන් සඳහා ආරක්ෂක බඳපටි පැළදවීම අනිවාර්ය කිරීමට ජාතික ගමනාගමන කොමිසම කටයුතු කර ඇත.
කොමිසන් සභාවේ සභාපති ඉන්ජිනේරු පී. ඒ චන්ද්‍රපාල මහතා මේ බව පැවසුවේ පසුගියදා එම කොමිසමේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
මෙම තීරණය දඬුවම් දීමේ පරමාර්ථයෙන් නොව ජනතවගේ ආරක්ෂාව උදෙසා වන බැවින් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.


