ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර වෙළඳ සබඳතා දියුණු කිරීම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ(24) පැවැත් විණි.

ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර වෙළඳ සබඳතා දියුණු කිරීම සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ(24) පැවැත් විණි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ වසරක් ඇතුළත නවිකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ.
මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීහු අද දින අධ්‍යයන චාරිකාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. ඔවුහු ජුනි 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අපේක්ෂා කරති.
මාලදිවයින් ජනාධිපති කාර්යාලයේ නිලධාරීහු අද දින අධ්‍යයන චාරිකාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. ඔවුහු ජුනි 27 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අපේක්ෂා කරති.
පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන අතර, ඒ අනුව උතුරු පළාතේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම අද (22) පෙරවරුවේ ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ජනාධිපති අරමුදලේ සියලු සේවා කටයුතු බිම් මට්ටම දක්වා විමධ්‍යගත කිරීම සඳහා වන විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ උතුරු පළාත් වැඩමුළුවද මීට සමගාමීව අද (21) දිනය පුරා කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී පැවැත්විණි.
පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කර තිබෙන අතර එහි සමාරම්භක උත්සවය හෙට (22) කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චියේදී පැවැත් වේ.
2025 වසරේ සඳහා වන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පළමු කාර්යය සාධන සමුළුව අද (21) පැවැත්විණි. ඒ අමාත්‍යාංශීය ස්වදේශ කටයුතු අංශයේ දී යි.
"පුනරුදයට මඟ" හෙවත් රටපුරා තෝරාගත් ග්‍රාමීය මාර්ග 1000 ක් සංවර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන අද (21) ඇරඹේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා විසින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් (SLBFE) පසුගිය වසර කීපය තුල නිකුත් කරන ලද සභාපති චක්‍රලේඛ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස උපදෙස් දී ඇත.
සංචාරක ක්ෂේත්රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් ටෝකියෝහි ඉම්පීරියල් හෝටලයේදී ඊයේ (30) පැවැත්විණි.
ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය විසින් මෙම උදෑසන භෝජන සංග්‍රහය සංවිධානය කරනු ලැබ තිබුණි. දෙරටේ පාර්ලිමේන්තුවල සාමාජිකයන් අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සභාපති යොෂිතාකා ෂින්ඩෝ (Yoshitaka Shindo) සහ මහලේකම් යුකෝ ඔබුචි (Yuko Obuchi) යන මහත්ම මහත්මීහු මෙහිදී ප්‍රකාශ කළහ. දෙරටේ අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ. ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය කෙයිසෝ ඔබුචි (Keizo Obuchi) මහතාගේ මූලිකත්වයෙන් 1982 වසරේ දී ස්ථාපිත කරන ලද්දකි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.