2025 වසරේ සඳහා වන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පළමු කාර්යය සාධන සමුළුව අද (21) පැවැත්විණි. ඒ අමාත්‍යාංශීය ස්වදේශ කටයුතු අංශයේ දී යි.
වැලි , පස් බොරළු කැපීම , ප්‍රවාහනය විධිමත් සහ අවම පරිසර හානියකින් සිදු කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතා එහිදී අවධාරණය කළේය.
දිස්ත්‍රික් ලේකම්වරු අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ වැලි , පස් සහ බොරලු කැපීම නිසි ආකාරයෙන් සිදුනොවීම නිසා පාරිසරික ගැටලු මතු වී ඇති ආකාරය සියැසින් ම දැකගත හැකිවූ බවත්, එම කර්මාන්තයන් සඳහා අවසර ලබාදීමේදී රාජ්‍ය ආයතනවල සියලු අනුමැතිය නිසි පරිදි ලබාගෙන ඇත්දැයි සොයා බැලීම නිලධාරීන්ගේ වගකීමක් ද වන බවයි
මෙවර දිස්ත්‍රිලේකම් සමුළුවේදී පරිසර, ආරක්ෂක , කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශවල දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලදී.
මීට අමතරව විශ්‍රාම වැටුප් , කම්කරු , ප්‍රජා පාදක විශෝධන සහ ජාතික අය- වැය දෙපාර්තමේන්තුවල දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවතින ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.
ඉදිරි අයවැය මඟින් ද සංවර්ධන කටයුතු සඳහා වැඩි මුදලක් වෙන්වී ඇති බැවින් දැනට පැවරී ඇති ව්‍යාපෘති ප්‍රමිතිගතව නමුත් කඩිනමින් සිදුකළ යුතු බවයි වැඩිදුරටත් සමුළුව ඇමතූ ආචාර්ය ඒ. එච්. එම්. එච්.අබයරත්න මහතා පෙන්වා දුන්නේ.
මේ අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර, ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරු සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් රැසක් එක්ව සිටියහ.


