හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති වරප්‍රසාද සහ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සඳහා පනත් කෙටුම්පත් සකස්කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සහ, රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගනිමින් සහ ලැබුණු ජනවරම අනුව කටයුතු කරමින් , වසර 40 ගණනකට පසු මෙම නීතිය ගෙනෙන බවත් පනත් කෙටුම්පත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
දැනට ජීවත්ව සිටින ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ කලත්‍රයන්ට එතැන් සිට මෙම නීතිය වලංගුවන බවද කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
නීතිය ක්‍රියාත්මක වන්නේ නීතිය සම්මත වී බලත්මක වනදා සිටයි. හිටපු ජනාධිපතිවරුන්ට, දැන් විශ්‍රාම වැටුප් ලබන ජනපතිවරුන්ට එතැන් සිට එම නීතිය බලාත්මක වෙනවා.


