බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ .

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ .
බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක කරන භක්ති ගීත ප්‍රසංගය මැයි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය අභියසදී පැවැත්වේ.
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී ඇත.
අද (11) උදෑසන නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර පිළිබඳ පුවත ඇසීමෙන් මම මහත් සේ කම්පාවට පත් වීමි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඡන්ද දායකයින් හැකිතාක් කල්වේලා ඇතිව ඡන්ද පොළට ගොස් ඡන්දය සලකුණු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති R.M.L. රත්නායක මහතා ඡන්දදායකයින්ට දැනුම්දෙයි. එයින් ඡන්දපොළවල පෝළිම් තද බදය අඩු කිරීමට හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.
ජපාන ආරක්ෂක අමාත්‍ය ගෙන් නකටානි මහතා අද (04) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය)තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
ගෙවීම් කටයුතු සඳහා ලංගමට සහ පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්රයට කාඩ්පත් ක්‍රමයක් හැකි ඉක්මණින් හඳුන්වා දෙන බවත් ජනතාව ලබාදුන් ජනවරම සහ සිය දැක්ම අනුව ප්‍රවාහන ක්ෂේත්රය නව තලයකට ගෙන යාම සඳහා සෑම අංශයක් ම ක්‍රමවත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
2025 අප්‍රේල් මස 30 වන දින මධ්‍යම රාත්‍රි 12.00 සිට බලපැවැත්වෙන පරිදි පහත ඉන්ධන වර්ගවල සිල්ලර මිල ගණන් සංශෝධනය කර ඇත.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට අදාළ මූලික සාකච්ඡාවක් අද (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් ටෝකියෝහි ඉම්පීරියල් හෝටලයේදී ඊයේ (30) පැවැත්විණි.
ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය විසින් මෙම උදෑසන භෝජන සංග්‍රහය සංවිධානය කරනු ලැබ තිබුණි. දෙරටේ පාර්ලිමේන්තුවල සාමාජිකයන් අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සභාපති යොෂිතාකා ෂින්ඩෝ (Yoshitaka Shindo) සහ මහලේකම් යුකෝ ඔබුචි (Yuko Obuchi) යන මහත්ම මහත්මීහු මෙහිදී ප්‍රකාශ කළහ. දෙරටේ අන්‍යෝන්‍ය ප්රතිලාභ සඳහා දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ. ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය කෙයිසෝ ඔබුචි (Keizo Obuchi) මහතාගේ මූලිකත්වයෙන් 1982 වසරේ දී ස්ථාපිත කරන ලද්දකි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.