All Stories

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් අතර හමුවක්

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) යන මහත්වරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (04) පෙරවරුවේ පැවැත්විණි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් අතර හමුවක්

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ව්‍යාපාර ඉන්කියුබේෂන් මධ්‍යස්ථානය විවෘත කෙරේ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන රාජ්‍ය විශ්වවිද්‍යාල ආශ්‍රිත සේවා හා ආධාරක මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ තුන්වන Technology Business Incubation Center අද (04) මඩකලපුවේ පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ව්‍යාපාර ඉන්කියුබේෂන් මධ්‍යස්ථානය විවෘත කෙරේ

මොණරාගල මහ රෝහලේ නව පස් මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

ඌව වෙල්ලස්ස ජනතාවට වඩාත් ගුණාත්මක හා උසස් සෞඛ්‍ය සේවාවක් සැපයීමේ අරමුණින් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද පස් මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනතා අයිතියට පත් කෙරිණි.

මොණරාගල මහ රෝහලේ නව පස් මහල් මාතෘ හා ශල්‍ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

සංශෝධනය වන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සැකසීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍යවරියගේ අධීක්ෂණයට

උසස් අධ්‍යාපනය සඳහා නව පරම්පරාවේ ප්‍රවණතා සහ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඇති වී ඇති අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අලුත්වන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සැකසිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

සංශෝධනය වන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සැකසීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍යවරියගේ අධීක්ෂණයට

මුල් ළමාවිය සංවර්ධනය ජාතියක අනාගතය ගොඩනගන ආයෝජනයක් - අධිකරණ අමාත්‍ය

නීතියෙන් මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය නතර කළ හැකි වුවද ඉල්ලුම නැවැත්වීම සමාජයේ වගකීමක් වන බවත් මුල් ළමාවිය අසාර්ථක වුවන් බහුතරයක් බන්ධනාගාරගත වී සිටින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

මුල් ළමාවිය සංවර්ධනය ජාතියක අනාගතය ගොඩනගන ආයෝජනයක් - අධිකරණ අමාත්‍ය

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව නිල වෙබ් අඩවිය ජනගත කෙරේ

"2026 ජගත් පරිසර දිනයට" සමගාමීව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව නිල වෙබ් අඩවිය අද (04) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කෙරිණි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව නිල වෙබ් අඩවිය ජනගත කෙරේ