ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වේ.

ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වේ.
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතය.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා පත් කර තිබේ.
මෙරටට ලුණු ආනයනය කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විවිධ බාධා පමුණුවන බවට සාවද්‍ය ප්‍රවෘත්ති කිහිපයක් මාධ්‍ය මගින් ප්‍රචාරය වන බව නිරීක්ෂණය වන බවත්, එවන් ආකාරයේ කිසිදු බාධා කිරිම් හෝ අවහිර කිරීම් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ අමාත්‍යාංශය යටතේ ඇති කිසිදු අයතනයකින් සිදු නොවන බවත්, නිවේදනයක නිකුත් කරමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටී.බී ආනන්ද ජයලාල් මහතා ප්‍රකාශ කර ඇත.
හොරකම, දූෂණය සහ වංචාව සියයට 100ක්ම නවත්වන බවට ජනතාවට සහතික වන බවත්, වර්තමානයේ රට පරිවර්තනීය යුගයක ඇති අතර ඒ සඳහා වන දේශපාලනීය පරිවර්තනය හොඳින් සිදුවන බවට විශ්වාස කරන බවත් කෘෂිකර්ම, පශ සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.
මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය හෙට(24) පෙරවරු 9.30 ට අගමැති ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේ රැස්වීම් ශාලාවේ දී පැවැත්වේ.
හයිලන්ඩ් නිෂ්පාදන පාරිභෝගිකයින් අතර ප්‍රචලිත කිරීමට සහ කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන හිඟයකින් තොරව මහජනතාවට මිලදී ගැනීම අවස්ථාව ලබාදෙන බව මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය මහතා ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීය.
ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර අඛණ්ඩ හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche, මහතා හමුවිය.
රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ(22) පැවැත්විණි.
අන්තර්ජාතික ජෛවවිවිධත්ව දිනය සැමරීමේ උත්සවය අද (මැයි 22) පෙරවරුවේ දඹුල්ල පොපම් ආබරේටම් වන උද්‍යානයේදී පැවැත්වුණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.