ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ වනවිට ඊශ්‍රායලයේ විවිධ අංශවල රැකියාවන්හි යෙදෙන බවත්, තව තවත් රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට ඊශ්‍රායල රජය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති ලෙස ඊයේ(15) අක්ත පත්‍ර බාරදුන් රැවෙන් අසාර් මහතා පැවසීය.

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ වනවිට ඊශ්‍රායලයේ විවිධ අංශවල රැකියාවන්හි යෙදෙන බවත්, තව තවත් රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට ඊශ්‍රායල රජය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති ලෙස ඊයේ(15) අක්ත පත්‍ර බාරදුන් රැවෙන් අසාර් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
මෙම සාකච්ඡාවේදී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දෙන පොදු ඩිජිටල් යටිතල පහසුකම් සඳහා වූ විසඳුම් කඩිනම් කිරීම සහ විශේෂයෙන් විද්‍යුත් ජාතික හැඳුනුම්පත, GovPay රාජ්‍ය ගෙවීම් පද්ධතිය, ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය හා ඩිජිටල් ආර්ථික ආදායම් ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේත් ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේත් කටයුතු පුළුල් කිරීම පිළිබඳව මෙන්ම නව නීති මගින් ඩිජිටල් ආර්ථික අධිකාරිය හා සයිබර් ආරක්ෂණය පිළිබඳ ආයතන පිහිටුවීම පිළිබඳ යෝජනාද මෙහිදී සමාලෝචනය කරනු ලැබීය.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ හා අදාළ ආයතනවල සභාපතිවරු, ප්‍රධාන විධායක නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2025-05-16
සංචාරක මග පෙන්වන්නට වන සංරක්ෂන මාර්ගෝපදේශකයින් ලෙස කටයුතු කිරීමට විධිමත් වෘත්තිමය පුහුණුවක් සමග සහතිකයක් මෙන්ම හැදුනුම්පතක් නිකුත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අද (16) පරිසර අමාත්‍යංශයේදී පැවැත්විණි.
CLEAN SRI LANKA ජාතික වැඩපිළිවෙලත් සමග පුද්ගලික අංශය සම්බන්ධ වීම ඉතා වැදගත් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.
ජපාන රජයේ අධාරයක් ලෙස ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ කමිටු රැස්වීමක් පසුගිය දා වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දුන්නේය.
රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පලස්තීනය වෙනුවෙන් වූ 77 වන අල්-නක්බා සැමරුම් උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ප්‍රාථමික බාහිර රෝගී ප්‍රථිකාර ඒකක දහසක් ඉදිරියේදී ඇති කරනවා - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් එම ක්ෂේත්‍රයේ නිරත වූවන්ගේම ඉල්ලීම පරිදි පිහිටුවීමට යෝජිත වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමේ මුලික කටයුතු සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 25 ක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැයි 14 වැනිදා කොළඹදී පැවැත්වූ වෙසක් සැමරුම් වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වූවාය.
එකොළොස් වන විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි ප්‍රථම කාන්තා නියෝජනය සිදු කරමින් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද විභාග කොමසාරිස් ජනරාල් ධුරයෙහි රාජකාරී ආරම්භ කළාය.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.