CLEAN SRI LANKA ජාතික වැඩපිළිවෙලත් සමග පුද්ගලික අංශය සම්බන්ධ වීම ඉතා වැදගත් - බලශක්ති ඇමති

CLEAN SRI LANKA ජාතික වැඩපිළිවෙලත් සමග පුද්ගලික අංශය සම්බන්ධ වීම ඉතා වැදගත් - බලශක්ති ඇමති
  • SocialShare:

CLEAN SRI LANKA ජාතික වැඩපිළිවෙලත් සමග පුද්ගලික අංශය සම්බන්ධ වීම ඉතා වැදගත් බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (16) පෙරවරුවේ නාවල, නුගේගොඩ Dilly Fueling පරිශ්‍රයේදී Clean ශ්‍රී ලංකා Sinopec ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ  රජය CLEAN SRI LANKA වැඩපිළිවෙල සකස්  කර ඇත්තේ ඉතා පුළුල් අරමුණකින්, පිරිසිදු සමතුලිත අලංකාරවත් පරිසරයක් පවත්වාගෙන යාම සහ ලොව දියුණු රටවල ජනතාව භුක්ති විදින ආකාරයේ ඉහළ සමාජ තත්වයක් සහ නිදහසක් හා යටිතල පහසුකම් අපේ රටේ ජනතාවටත් ලබාදීමත් එහි අරමුණින් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

CLEAN SRI LANKA වැඩපිළිවෙළ සමග පුද්ගලික අංශයත් සම්බන්ධවීම ඉතා වැදගත්. අද සයිනොපෙක් (Sinopec) ලංකා සමාගම CLEAN SRI LANKA ව්‍යාපෘතිය සමග එක්වෙමින් එළිදක්වන සයිනොපෙක්, CLEAN SRI LANKA ක්‍රියාකාරී සැලැස්ම විශේෂ අගය කිරීමකට ලක්වන්නේ එනිසයි,” යනුවෙන්  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Sinopec ලංකා සමාගම පාරිභෝගිකයින්ට සුපිරිසිදු හා සෞඛ්‍යආරක්ෂිත සනීපාරක්ෂක පහසුකම් ලබාදීමේ සිට සේවා විවිධාංගීකරණය හා ඉහළම ගුණාත්මක සේවාවක් ලබාදීම තුලින් ආරක්ෂාව හා පරිපාලන කටයුුතු විශිෂ්ටත්වයට ලගා කර ගැනීමේ අරමුණෙන් මේ වැඩපිළිවෙල සැළසුම් කර ඇත.
මේ අවස්ථාවට CLEAN SRI LANKA ජාතික වැඩපිළිවෙලේ අතිරේක ලේකම් S.P.C සුගීෂ්වර මහතා සහ ජනාධිපති කාර්යාල නිළධාරීන් හා සයිනොපෙක් ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරීනී වැන්ග් හයිනි (Wang Haini) මහත්මිය ඇතුළු සමාගමේ ඉහළ නිළධාරීන් රැසැක්ද සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.