නාවික හමුදාව තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර 400ක් සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දෙයි

නාවික හමුදාව තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර 400ක් සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දෙයි
  • SocialShare:

මැයි මස 08 වැනි දිනට යෙදුනු ලෝක තැලසීමියා දිනයට සමගාමීව, නාවික හමුදා සාමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර 400ක්, රෝගීන් වෙත නොමිලේ බෙදාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම, ඊයේ (16) නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේදී සිදුකෙරුණි.

තැලසීමියා රෝගීන් වෙත ප්‍රතිකාර කිරීම සඳහා අඛණ්ඩව රුධිර පාරවිලයනය සිදුකිරීමේදී ශරීරය තුල තැම්පත්වන අධික යකඩ ප්‍රමාණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ඖෂධ එන්නත් කිරීම වෙනුවෙන් තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර භාවිතා කරනු ලබයි.

ඒ අනුව, වෙළඳ පොලේ ඉහල මිලක් වන මෙම තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර ඉතා අඩු පිරිවැයක් යටතේ නියමිත ප්‍රමිතියෙන් යුතුව දේශීයව නිපදවා රෝගීන් වෙත නොමිලේ බෙදා දීමේ අරමුණෙන්, නාවික හමුදා සාමාජීය වගකීම් අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, සමාජීය මෙහෙවරක් ලෙස තැලසීමියා නික්‍ෂේපන යන්ත්‍ර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය නාවික හමුදාව විසින් 2011 වර්ෂයේදි ආරම්භ කෙරිණි.

එමෙන්ම, 2025 මැයි මස 16 වැනි දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් තැලිසීමියා නික්‍ෂේපණ යන්ත්‍ර 400ත් සමඟ, නාවික හමුදාව මේ වන විට තැලසීමියා නික්‍ෂේපණ යන්ත්‍ර 3564ක ප්‍රමාණයක් රෝගීන් වෙත ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.

තවද, නාවික හමුදාව මෙම සමාජීය මෙහෙවරෙහි අඛණ්ඩව වසර 14ක් නිරතවන බැවින්, එවැනි යන්ත්‍ර ආනයනය වෙනුවෙන් වැයවන විශාල මුදල් ප්‍රමාණයක් රට තුල ඉතිරි කර දීමටද අඛණ්ඩව දායක වෙයි.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.