සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (04) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් ( To Lam) මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ඊයේ (03) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පෙරවරුවේ වියට්නාමයේ නෝයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපළට (Noi Bai International Airport) ළඟා විය.
කළණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු යන තේමාව යටතේ 2025 වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බව සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී අතිපූජ්‍ය මුගුණුවල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.
පළාත් පාලන ඡන්ද විමසීමේ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රි 12ට අවසන් වෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර වියට්නාමය බලා දිවයිනෙන් පිටත්ව ගියේය.
මන්නාරම දිස්ත්‍රික්කයේ ජීවත්වන දෙලක්ෂයකට ආසන්න ජනතාවට තෘතීයික සෞඛ්‍ය සත්කාර සේවා සපයන මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල භෞතික හා මානව සම්පත්වලින් පරිපූර්ණ, අංග සම්පූර්ණ රෝහලක් බවට පත්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද වියට්නාමයට යාමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුව ලබන මැයි 8 සහ 9 රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. එම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ බව ද මහලේකම්වරිය සඳහන් කළාය.
පොහොර මිල සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමක් ඊයේ (02) දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණ. පොහොර සමාගම් සමඟ අද දින සිදු කරන ලද සාකච්ඡාව අනුව යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ඔවුන් සන්තකයේ පොහොර පවතින බව අමාත්‍යාශය විසින් තහවුරු කර ගන්නා ලදී.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය)තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
2024 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරයි.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.