සිරි දළදා වන්දනාවේ අවසන් දිනය හෙටයි

සිරි දළදා වන්දනාවේ අවසන් දිනය හෙටයි
  • SocialShare:

පෙර සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’  හෙටින්(27) අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය. 

ඊයේ (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දියවඩන නිලමේවරයා මේ බව  පැවසිය.

වසර 16ට පසු පැවැත්වෙන සිරිදළදා වන්දනාව  පසුගිය 18වනදා  ආරම්භ විය.

වැඩිදුරටත් අදහස් දක්වමින් දියවඩන නිලමේවරයා මෙසේ පැවසීය
"අපි සැලසුම්කළ ප්‍රමාණයට වඩා බැතිමතුන්ට වන්දනාකරගැනීමට භාග්‍ය උදාවී තිබෙනවා.

දළදා වහන්සේ වන්දනා කරගැනීම සඳහා දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් නිසාම අද මහනුවර ප්‍රදේශයම පුදුමාකාර ජනාකීර්ණ තත්ත්වයකට පත්වෙලා.

මහජනතාවගේම පහසුව තකා මෙම වන්දනාවාරය කලින් නියමකරගත් පරිදිම අප්‍රේල් 27 දක්වා පමණක් පැවැත්වීමට තීරණය කරනු ලැබුවා".

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.