දවසේ කාලගුණය

දවසේ කාලගුණය
  • SocialShare:

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ හා දකුණු පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 30-40 අතර තරමක තද සුළං හමා යා හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.