කලටුවාව–බොරලැස්ගමුව ජල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 24ක ජල සැපයුම් අත්හිටුවීමක්

කලටුවාව–බොරලැස්ගමුව ජල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 24ක ජල සැපයුම් අත්හිටුවීමක්
  • SocialShare:

කලටුවාව සිට බොරලැස්ගමුව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (24) රාත්‍රී 8.00 සිට 2026.06.25 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවේදනය කර ඇත.

මෙම කාලසීමාව තුළ පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය සහ පැලැන්වත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන අතර මහරගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බවද සඳහන් වේ.

අදාළ නඩත්තු කටයුත්ත හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කර ඇති ජල සම්පාදන මණ්ඩලය, මෙම කාලසීමාව තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.