වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ
  • SocialShare:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ක්‍රියාවෙහි යොදවමින්, වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

වසර ගණනාවක් පුරා ඇති වූ වැටුප් විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට ඇති වන අභියෝග සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත.

රාජ්‍ය නිලධරයන්ගේ(ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්වචනයට අදාළව) සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය භාවය ඉහළ නැංවීම හා නව තාක්ෂණික ප්‍රවණතා හා ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයකට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු ද යන්න සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස මෙම කොමිෂන් සභාව ස්ථාපනය කර ඇති බවද එම ගැසට් පත්‍රයේ සඳහන් වේ.

එම ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Ga 01

Ga 02

Ga 03