බක් පුර පසළොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පොහොය අදයි
  • SocialShare:

බක් පුර පසළොස්වක පොහොය අදට (12) යෙදී ඇත.

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙන දෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මත ව ඇත.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් මෙම බක් පුර පසළොස්වක පොහොය දිනයේදී සිදුවී ඇත.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයකදීය.

චූලෝදර සහ මහෝධර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ ඇත්තේද අදවන් පොහොය දිනයක වීම විශේෂත්වයක්ය.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.