භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් හා යහපත් හා අලුත් දේශයක් නිර්මාණය කර ගැනීමේ සිහිනය වෙනුවෙන් අනවරත වැඩ අරගලයක යෙදෙමින් සිටින අවස්ථාවකය.

භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් හා යහපත් හා අලුත් දේශයක් නිර්මාණය කර ගැනීමේ සිහිනය වෙනුවෙන් අනවරත වැඩ අරගලයක යෙදෙමින් සිටින අවස්ථාවකය.
2025 හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ දී අප්‍රේල් මස 16 වැනි බදාදා දින පෙරවරු 9.04 ට යෙදෙන සුබ නැකතින් සිදු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම අලුත් ව්‍යාපෘතිය ආරම්භ කර ජාතික ආර්ථිකයට ග්‍රාමීය ජනතාව මැදිහත් කරගැනීමට අවශ්‍ය ආයෝජන ගමට ගේන්න රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
රටතුළ නිර්මාණය කරන ගැටුම් හේතුවෙන් ජනතාව තව දුරටත් දුක් විඳිය යුතු නැති බවත්, රට තුළ සංහිඳියාව ඇති කරන්න රජය කැපවී සිටින බවත්, ජනතා අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව මෙන් රාජ්‍ය සේවයද ජනතාව වෙනුවෙන් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අතීතයේ පැවති සියලු ම රජයන් අභිභවමින් වැඩි ම මුදලක් මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වත්මන් රජය වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
බක් පුර පසළොස්වක පොහොය අදට (12) යෙදී ඇත.
මධ්යම, සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු විධිමත් කිරීම සඳහා පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණය සඳහා වූ ජාතික ප්‍රවේශය (NIRDC) විසින් සංවිධානය කරන ලද හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10) පැවැත්විණි.
එළඹෙන මැයි 01 දාසිට සියලුම අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී බැංකු කාඩ්පත් මඟින් ගනුදෙනු කිරීමේ පහසුකම ලබාදෙන බව මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගිය දින කිහිපය තුළ වැටලීම් 1200 ක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසයි.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සහ සාමාන්‍ය සේවා සැපයීම සඳහා අප්‍රේල් මස 15,16 සහ 17 යන දිනවල ටෝකන්පත් නිකුත් කිරීම මධ්‍යහ්න 12 දක්වා පමණක් සිදු කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දේ.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර 02 අක්‍රීය තත්ත්වයට පත් ව ඇති නමුත් රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා රෝහල තුළ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.ඒ.එල් රණවීර මහතා සඳහන් කළේ ය.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.