සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26 ක දැවැන්ත වර්ධනයක්

සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26 ක දැවැන්ත වර්ධනයක්
  • SocialShare:

පසුගිය දින තුන පුරාවට දැඩි පසුබෑමකට ලක්වූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (08) දිනයේ දී කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය.

ඒ අනුව අද (08) දින තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26 ක් දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර ඊයේ (07) දිනයේ දී ඒකක 15,000 සීමාවෙන් මෙපිටට පැමිණි සියලු කොටස් මිල දර්ශකය අද (08) දිනයේ දී නැවත වරක් එම සීමාව ඉක්මවා යාමට සමත්වුණි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,127.71 ක් ලෙසින් සටහන් විය.