එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව දෙවන සාකච්ඡාව අද රාත්‍රියේ පවත්වන බව කැබිනට් ප්‍රකාශක , සෞඛ්‍ය සහ ජනමාධ්‍ය වෛද්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය සම්බන්ධයෙන් වූ පළමු සාකච්ඡාව පසුගියදා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත් වූ බවද කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය. මෙම නව තීරු බදු ක්‍රමය ලංකාවට පමණක් නොව මුළු ලෝකයටම ප්‍රශ්නයක් වී ඇතැයිද ඒ මහතා පැවසීය. රජයක් හැටියට මේ සම්බන්ධව රාජතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වෙමින් සිටින බව අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපද Trade office සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් රජය විසින් පැවැත්වුවා. එහි දෙවන සාකච්ඡාව අද රාත්‍රියේ දී පැවැත්වෙනවා . දැනටමත් ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කරලා තිබෙනවා. විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළ ව්‍යවසායක ප්‍රජාව සහ එම ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් රාජ්‍ය නිලධාරීන් සහ අපේ අදාළ අමාත්‍යවරුන් සමඟ විටින් විට මුණ ගැහෙමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කරනවා”
මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් ලිඛිත ඉල්ලීම් කරඇති බවත්, එම ඉල්ලීම් සිදුකර යැවු ලිපිය ඔවුන්ට ලැබී ඇති බවට තහවුරු කර ඇතිබවත්, ඒ අනුව ඉක්මන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවේය. තීරු බදු සම්බන්ධයෙන් යම් අදහසක් අපට තිබු බැවින් පසුගිය අයවැයේ දී ජාතික තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට යෝජනා කළ බවත්, මෙවැනි අවස්ථාවකදි රජය කටයුතු කළ යතු අකාරය සම්බන්ධයෙන් විටින් විට සාකච්ඡා පැවැත් වූ බවත්, මේ සඳහා සාධාරණ විසඳුමක් ලබා ගැනීමට හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.