ජනතාව වෙනුවෙන් ඉන්ධන මිල සහනයක් ලබාදීම රජයේ අපේක්ෂාව බවත්, එවැනි සහනයක් ලබාදිය හැකි වහාම එය ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, භාණ්ඩාගාරය විසින් මේ වන විටත් පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනයක් ලබාදී ඇති බවයි.
එම සහනාධාරය ඉවත් කළහොත් ඉන්ධන මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යමින් පැවතියද රජය ලබාදෙන සහනය මඟින් එහි බලපෑම පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.
කර්මාන්ත ක්ෂේත්‍රයට පමණක් නොව ගෘහස්ථ පරිභෝජනයටද ප්‍රතිලාභ ලැබෙන අයුරින් මෙම සහන ක්‍රමවේදය පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.


