රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට යෝජනා ඉදිරිපත් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද(08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව පහත පරිදි ජාතික අවම මාසික චේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත් ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

* 2025.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500 සිට රුපියල් 27,000 දක්වා රුපියල් 9,500කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම.
*2025.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 සිට රුපියල් 1,080 දක්වා රුපියල් 380කින් ඉහළ නැංවීම.
*2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා රුපියල් 3,000කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම.
*2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා රුපියල් 120කින් ඉහළ නැංවීම.