5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වනදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්ද මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වනදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්ද මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගියදා ජර්මනියේ හැම්බර්ග් වෙත නිල සංචාරයක නිරත විය. සංචාරය අතරතුර දෙරට අතර වෘත්තීය අධ්‍යාපනය සහ ආර්ථික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත.
‘මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික වැඩසටහන’ සම්බන්ධයෙන් ක්‍ෂේත්‍රයට අදාළ නිලධාරීන් දැනුම්වත් කිරීමේ පුහුණු වැඩසටහනක් වාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි ඊයේ (02) වත්තල පිහිටි ‘ටොයෝටා ලංකා’ ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට(04) දිවයිනට පැමිණෙන අතර, හෙට දිනයේ ජනාධිපතිවරයා සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.
භූමිකම්පාවෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙත ශ්‍රී දළදා මාලිගාව, මල්වතු හා අස්ගිරි මහා විහාරයන් එක්ව රුපියල් ලක්ෂ 150ක (මිලියන 15ක) මූල්‍ය ආධාරයක් පිරිනැමීම අද(02) සිදුකෙරිණි.
එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලාංකිකයන් 04 දෙනෙකු වෙත සම්බාධක පැනවීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය කමිටුවක් පත්කළ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
පැවසීය.
මියන්මාරයේ විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණයකළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යෝජිත යාපනය ප්‍රාදේශීය කාර්යාලය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය්දී මෙම මාසයේදී ස්ථාපිත කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
මියන්මාරයේ භූ කම්පනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට හදිසි ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍යවරු කණ්ඩායමක් මියන්මාරයට යැවීමට දැක් වූ උනන්දුව, හදිසි සහන සහ මානුෂීය ආධාර මියන්මාරයට ලබා දීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වීම පිළිබඳව ද ශ්‍රී ලංකා රජයට සහ මහජනතාවට මියන්මාර විදේශ අමාත්‍ය Than Swe මහතා සිය කෘතඥතාවය පළ කර තිබේ.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.