ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කරමින් අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදුකරන ලදී.

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කරමින් අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී සිදුකරන ලදී.
පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.
කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා පවසයි.
දකුණු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අතර හමුවක් අද (01) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙරට පිළිකා රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වන ජාතික ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සැලැස්ම පිළිබඳ සමාලෝචනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ. එම වැඩසටහන යටතේ පළමු ආදර්ශ ආපන ශාලාව අද(01) නාරාහේන්පිටදී විවෘත කෙරිණි.
වන අලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය තීරණය කර ඇත.
ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක්, සමෘද්ධිමත් ජාතියක පදනම බව වත්මන් රජය පිළිගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අද (01) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරයේ දෙවන අදියර හෙට(01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබේ.
ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් අවස්ථාවකි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (30) පෙරවරුවේ පෑලියගොඩ, කැලණි පාලම අසලදී ආරම්භ විය.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.