ඌව වෙල්ලස්සේ සිසු ගැටලු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට

ඌව වෙල්ලස්සේ සිසු ගැටලු අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට
  • SocialShare:

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අතර හමුවක් අද (01) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. 

දීර්ඝ කාලයක් මුලුල්ලේ අවධානයට ලක් නොවුණු ඌව වෙල්ලස්ස විද්‍යාලයේ එක් එක් පීඨයන්‍ට අයත් අධ්‍යයන සහ සුබසාධන ගැටලු නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීම සහ ඒ පිළිබඳ රජයේ ඉදිරි මැදිහත්වීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහිදී සිදු විය. මෙම සාකච්ඡාව පැවැත්වූයේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සහ රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ශිෂ්‍ය ගැටලු අමන්ත්‍රණය කිරීම සඳහා නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පවත්වනු ලබන ශිෂ්‍ය හමු මාලාවට සමගාමීවයි.

මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය  විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, වව්නියා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා හික්ෂු විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය ආදි උසස් අධ්‍යාපන ආයතන කිහිපයක සහ රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය සංගම් නියෝජිතයින් මෙම සාකච්ඡා මාලාව සඳහා එක් විය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.