තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද(05) පෙරවරු 9.00ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙයි.

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද(05) පෙරවරු 9.00ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් අද (04) සන්ධ්‍යාවේ දිවයිනට ළඟා විය.
ජාතික ඉංග්‍රිසි භාෂා සහ නාට්‍ය තරගාවලියේ ජයග්‍රාහකයන්ට සහතික පිරිනැමීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රිසි හා විදේශ භාෂා ශාඛාව විසින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන ජාතික ඉංග්‍රිසි භාෂා සහ නාට්‍ය තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට මෙම මස 18 වන දින සිට දින දහයක කාලයක් තිස්සේ පැවැත්වෙන දළදා දැක්ම සඳහා මේ වන විට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්‍යාපෘතිය (DTTB) ක්‍රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම ඊයේ ( 03) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසොමතා අකිඕ (Isomata Akio) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණී.
මෙම වසරේ මෙරට මැණික් අපනයනය ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා සඳහන් කරයි.
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන බහු- තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශයේ (BIMSTEC) 6 වැනි සමුළුව සඳහා සහභාගීවන නායකයින් වෙනුවෙන් වූ භෝජන සංග්‍රහයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (03) රාත්‍රියේ සහභාගී විය.
මෙරට ජනතාවට උසස් සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව යමින් හිඟයකින්, ප්‍රමාදයකින්, තොරව අඛණ්ඩ ව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියත් ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතුත් විධිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් එම කටයුතු අඛණ්ඩ ව හා ක්‍රමවත් ව පවත්වා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට සෞඛ්‍ය සේවාවේ නියුතු සියලුම ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන්ට සහ බලධාරීන්ට අවධාරණය කරනු ලැබී ය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(04) සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
උත්සව සමයේදී සිදුවන හදිසි අනතුරු පිළිබඳ සැලකිළිමත්වෙමින් එම හදිසි අනතුරු වළක්වා ගැනීමට උත්සාහ කරන්නැයි ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසීය.
රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.