ගෙවීම් කටයුතු සඳහා ලංගමට සහ පෞද්ගලික ප්‍රවාහන ක්‍ෂේත්‍රයට කාඩ්පත් ක්‍රමයක් හැකි ඉක්මණින් හඳුන්වා දෙන බවත් ජනතාව ලබාදුන් ජනවරම සහ සිය දැක්ම අනුව ප්‍රවාහන ක්ෂේත්‍රය නව තලයකට ගෙන යාම සඳහා සෑම අංශයක් ම ක්‍රමවත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වශයෙන් පත්වූ පී. ඒ. චන්ද්‍රපාල මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (30) එක්වෙමිනි.
මුදල් සංසරණය වීමත් සමග අයථා ගනුදෙනු, දූෂණ සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා ප්‍රවාහන ක්‍ෂේත්‍රයට කාඩ් ක්‍රමය හඳුන්වා දීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.
දැනට අංශ කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ සේවාව, පාසැල් ළමුන් ප්‍රවාහන සේවාව ඇතුලු ප්‍රවාහන සේවාවන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා ක්‍රමවත් කිරීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සඳහන් කළේය.
රජය වෙනුවෙන් ප්‍රවාහන ෂේත්‍රයේ නියාමන ක්‍රියාවලිය සිදුකරන මූලික ආයතනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව බවත් මෙම ආයතනය ජනතාවගේ ආයතනයක් වන බවත් ජනතාව වෙනුවෙන් සේවාවන් කිරීම සිය වගකීම වන බවත් චන්ද්‍රපාල මහතා පැවසීය.