මැයි දිනය වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක්

මැයි දිනය වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක්
  • SocialShare:

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් සංවිධාන කෙරෙන මැයි දින පෙළපාලි, රැස්වීම් හා සැමරුම් උත්සව වෙනුවෙන් හෙට (01) වශේෂ රථවාහන සැලැස්මක්  ක්‍රිියාත්මක බව  පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්  කරයි.

එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වන විටත් පොලිස් මූලස්ථානය මගින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය  වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර කොළඹ නගරයේ, ගාලුමුවදොර ක්‍රීඩා පිටිය, කෙසෙල්වත්ත ප්‍රේමදාස පිළිරුව අභියස මෙන්ම කොටුව දුම්රිය ස්ථානය ඉදිරි පිටින්, ආරම්භ කර ඕල්කට් මාවත, ටෙක්නිකල් හන්දිය, සංඝරාජ මාවත ඔස්සේ පි.ඩී. සිරිසේන ක්‍රීඩාංගනය දක්වා පෙළපාලියක් හා රැළියක් පැවැත්වීම ඇතුළු රැලි හා පෙලපාළි රැසක් පැවැත්වීමට නියමිත බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නික්කුත් කළ නිවේදනය පහතින්

89

90

91