සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක හිමියන් බැහැදකී

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක හිමියන් බැහැදකී
  • SocialShare:

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද නලින්ද ජයතිස්ස මහතා ඊයේ (02) මහනුවර දී  අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පදවියෙන් සම්ප්‍රසාදිත නාරම්පනාවේ  ශ්‍රී සුමනතිස්ස ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද  ලබා, කෙටි පිළිසදරක නිරත විය.

අද (03) මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ රාජකීය මඟුල් මඩුවේ දී අනුනායක පදවියෙන් සම්ප්‍රසාදිත නාරම්පනාවේ  ශ්‍රී සුමනතිස්ස ආනන්ද අනුනාහිමිපාණන් වහන්සේ වෙත අතිගරු ජනාධිපතිතුමන් විසින් ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ඉපැරණි සිරිත් පරිදි සිදු කිරීමට නියමිත අතර ඒ පිළිබඳව මෙන්ම එම ප්‍රදානෝත්සවයේ  සජීවී විකාශයන් පිළිබඳව ද අමාත්‍යවරයා විසින් මෙහි දී අනුනායකහිමියන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.

ඒ මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍ය මගින් මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනු ලබන විශේෂ ව්‍යාපෘතියක්වන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” දීප ව්‍යාප්තව ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහි දී අනුනායක හිමියන් දැනුවත් කර සිටියේය.

මෙම  අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ද එක්ව සිටියහ.