ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත් වෙයි

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස ගරු නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත් වෙයි
  • SocialShare:

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත් විය.

කාරක සභාවේ මංගල රැස්වීම ඊයේ (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී  කාරක සභාවේ සභාපතිවරිය ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී  විජේසිරි බස්නායක මහතා විසින් යොජනා කළ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින්  විසින් ස්ථිර කර කරන ලදි.   

මෙම  රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු සහභාගී වූහ.