මෙම වසරේ අගෝස්තු 12 වන දිනට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
එහිදී ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ, ජාතික මණ්ඩලය පත් කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(22) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහි මුල් පියවර වශයෙන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින්, යෞවන සමාජ පිහිටුවීම ආරම්භ කිරීමට නියමිත අතර එහි පළමු වැඩසටහන හෙට ආරම්බ වේ. ඒ අනුව හෙට සිට මැයි 30 දක්වා දිවයින පුරා යෞවන සමාජ 14033 ක් පිහිටුවීමටත්, අනතුරුව මැයි 30 සිට ජුනි 15 දක්වා යෞවන සමාජ, ප්‍රාදේශීය මණ්ඩල 337 ක් හා ජුනි 01 වනදා සිට ජූලි 31 දක්වා යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල 26 ක් පිහිටුවීමටත් නියමිතව ඇත.
මෙම යෞවන සමාජ මෙරට තරුණ තරුණියන්ට රජය සමඟ ගනුදෙනු කළ හැකි ප්‍රධාන ස්ථානය බවට පත් කරන බවත්, ඒ හරහා තෘප්තිමත් තාරුණ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් වූ පදනම සකස් කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
දිවයින පුරා සිටින විවිධ දේශපාලන මත දරන, නායකත්වය පිළිබඳ අනාගත අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන්ට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැකි බවත්, ඒ තුළින් කලාව, සාහිත්‍ය, තාක්ෂණය, වෘත්තීය අධ්‍යාපනය, ක්‍රීඩාව ආදී වූ විවිධ ක්ෂේත්‍ර තුළ තමන්ගේ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමේ අවකාශය පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දිවයින පුරා සිටින තරුණ තරුණියන්ට ග්‍රාම සේවා වසම් මට්ටමින් Youth Club සමඟ සම්බන්ධ වීමෙන් ජාතික මට්ටම දක්වා පැමිණීමට හැකියාව ලැබෙන බවත්, ඉන්පසු ජාත්‍යන්තර මට්ටම දක්වාම ගමන් කළ හැකි යාන්ත්‍රණයක් මේ තුළ පවතිනන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂ ජෙනරාල් සුපුන් විජේරත්න පැවසීය.
Youth Club පිහිටුවීමේ පළමු පියවර ලෙස සෑම ප්‍රදේශයකම Youth Club එකක් හෝ පිහිටුවන ලෙස තරුණ සේවා නිලධාරීන්ට, දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන්ට හා පළාත් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.