කොට්ටාව මාලපල්ල නිවාස සංකීර්ණය ළඟදීම දුම්රිය දෙපාර්තමේන්තු ඉඩම්වල පදිංචිකරුවන්ට

කොට්ටාව මාලපල්ල  නිවාස සංකීර්ණය ළඟදීම දුම්රිය දෙපාර්තමේන්තු ඉඩම්වල පදිංචිකරුවන්ට
  • SocialShare:

කොට්ටාව මාලපල්ල ඉදිකෙරෙන නිවාස සංකීර්ණයේ ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණයකට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අද (28) එක් විය.

නිවාස සංකීර්ණය නිවාස 120 කින් යුක්ත මෙම නිවාස සංකීර්ණය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල දැනට පදිංචිව සිටින පදිංචිකරුවන් නැවත පදිංචි කිරීමේ අරමුණින් ඉදි කෙරිණි.

නාවින්න සිට පාදුක්ක දක්වා දුම්රිය ඉඩම් වල රැදී සිටි පදිංචිකරුවන්  මෙම නිවාස සංකීර්ණයේ නැවත පදිංචි කිරීමට නියමිතව ඇත.

දැනට බොහෝ වැඩ අවසන් වී ඇති මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පත් කරන මෙන් අමාත්‍යතුමා විසින් උපදෙස් දෙන ලදී.