නර්ඩ් මධ්‍යස්ථානය සහ කැලණිය විශ්වවිද්‍යාලය අතර තාක්ෂණ සහයෝගීතා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම්

නර්ඩ් මධ්‍යස්ථානය සහ කැලණිය විශ්වවිද්‍යාලය අතර තාක්ෂණ සහයෝගීතා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම්
  • SocialShare:

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය (නර්ඩ්) සහ කැළණිය විශ්ව විද්‍යාලය අතර තාක්ෂණ සහයෝගීතා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එහි මූලික පියවරක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නර්ඩ් ආයතනයේ දී පැවැත්විණි.

එහිදී දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර මූලික පැහැදිලි කරගැනීම් සහ අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරිණි. ඊට අමතරව CAD/CAM සහිත සැලසුම් පහසුකම්, නවීන CNC යන්ත්‍ර සහිත තාක්ෂණ පහසුකම් ඇති නර්ඩ් තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථානයේ (Technology Incubation Centre) ක්‍රියාකාරිත්වය පිළිබඳව පැහැදිලි කිරීමක්ද සිදුකෙරිණි.

මේ අනුව ඉදිරියේ දී කැළණිය විශ්ව විද්‍යාලය ආශ්‍රිතව සිදු කෙරෙන ඉංජිනේරුමය පර්යේෂණ වලදී සහ එම විශ්ව විද්‍යාලය මගින් UBL (University Business Linkage) සහය ඇතිව නිෂ්පාදන සිදු කිරීමේ ක්‍රියාවලීන් හිදී අවශ්‍ය අවස්ථාවන් වලදී නර්ඩ් ආයතනය සතු මානව සම්පත් සහය සහ තාක්ෂණ පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.

මේ සඳහා ඉදිරියේ දී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව තාක්ෂණ සහයෝගීතා වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.