පොහොසත් රටකට ලස්සන වෙරළක් පරිසර වැඩසටහන අද ගාල්ලෙන් ඇරඹෙයි.

පොහොසත් රටකට ලස්සන වෙරළක් පරිසර වැඩසටහන අද ගාල්ලෙන් ඇරඹෙයි.
  • SocialShare:

ක්ලීන් ශ්‍රි ලංකා ජාතික වැඩසටහන යටතේ වෙරළ කලාප 100ක් උද්‍යාන ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන අද ආරම්භ වූ බව පරිසර නියෝජ්‍ අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කලමණාකාරණ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කල  ජගත් පරිසර දින සැමරැම අද (09) ගාල්ල බාලදක්ෂ මාවතේ "හෝල් ඩ් ගෝල්" ශ්‍රවණාගාරයේ දී පැවැත් වූ අතර එම වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවනසීය.

ක්ලීන් ශ්‍රි ලංකා ජාතික වැඩසටහන යටතේ වෙරළ කලාප 100ක් උද්‍යාන ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමිව ගාලු කොටුව ප්‍රදීපාගාරය අසල ඉදිකිරීම් නිරීක්ෂණය සහ ඉදිරි කටයුතු පිලිබද සොයා බැලීම අද සිදු  විය.

කොග්ගල වෙරළ උද්‍යාන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ධිවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍යා රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරැණු අතර මහමෝදර වෙරළ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යා නලීන් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පරිසර හිතකාමී පිරිසිදු වෙරළ පද්ධතියක් ස්ථාපිත කිරීමේ රජයේ වැඩපිලිවෙල යටතේ සියලු  පාර්ශව සදහා සුවදායි මෙන්ම නිදහස් වටපිටාවක් නිර්මාණය කිරීම වෙරළ උද්‍යාන සකස් කිරීමේ අරමුණ බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.