රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා නවකයන් 8547 දෙනකු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා නවකයන් 8547 දෙනකු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
යුරෝපීය රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට රජය මැදිහත් වන බවත්, ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි වැඩබලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
වෙළඳපොළේ පවතින කීරි සම්බා හිඟයට ආදේශයක් ලෙස පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 20000ක් ආනයනය කරන බවත් අද එහි අවසන් තොගය මෙරටට පැමිණෙන බවත් වැඩබලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ලබන වසරේ ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය
ලෝක ආහාර වැඩසටහනේ (world Food Programe - Sri Lanka) මෙරට නියෝජිත ලෙස පත් වූ පිලිප් වෝඩ් සහ නියෝජ්‍ය අධ්යක්ෂ රොබට් ඔලිවර් යන මහත්වරුන් ඊයේ (27) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා හමුවිය.
ලෝක ආහාර වැඩසටහනේ (world Food Programe - Sri Lanka) මෙරට නියෝජිත ලෙස පත් වූ පිලිප් වෝඩ් සහ නියෝජ්‍ය අධ්යක්ෂ රොබට් ඔලිවර් යන මහත්වරුන් ඊයේ (27) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා හමුවිය.
මැලේසියානු වෙරළාරක්ෂක බලකායට අයත් ‘KM BENDAHARA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (27) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.
සුවපත් රටක් උදෙසා "Healthy Sri Lanka" වැඩසටහන යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායනය වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පසුගියදා කුරුනෑගල අඹගස්වැව මහා විද්‍යාලයයේදී දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ශ්‍රී ලංකා රජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එහි ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සාහයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින් ගුණාත්මක බවින් ඉහළ “සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩ පිළිවෙලක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සහායෙන් අද (27) සිට ආරම්භ කරන ලදී.
බස්නාහිර පළාතේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වෙනුවෙන් කැලණිය සහ පුත්තලම අරුවක්කාලු ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කළ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ (26) සහභාගී විය.
සංචාරක ආකර්ෂණය ලබා ගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ප්‍රගතිය පිළිබඳවත්, සොයා බැලේ.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.