මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (24) පස්වරුවේ රැස්විය.

මෙම වර්ෂයේ පවත්වන පළමු බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (24) පස්වරුවේ රැස්විය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලාංකික කාන්තාවන් ගේ අයිතිවාසිකම් සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් පිහිටුවන ලද මෙම ස්වාධීන කොමිෂන් සභාව ඉතා නුදුරේදී තම මෙහෙයුම් අරඹනු ඇත.
බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් අර්කම් ඉල්යාස් මහතා අද (24) බලශක්ති අමාත්‍යංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.
දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් ගෝලීය වෙළඳපොලට පිවිසීම සඳහා රජය සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත්, දේශිය ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර විශේෂ හමුවක් ඊයේ (23) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
''සොඳුරු නිවසක් - විකසිත පවුලක් " පේළි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ඕපාතවත්තේන් ආරම්භ වූ අතර නුවර එළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, මාතර, කළුතර, ගාල්ල, කෑගල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවල වැවිලි ක්ෂේත්රයට සම්බන්ධ නිවාස පේලි 150 ක් හා පවුල් 2200 ක් ප්රතිලාභ ලබයි.
රජයේ සංවර්ධන දැක්ම තිරසාරත්වය සහ මානව ගරුත්වය මුල් කරගත්තක් බවත් සෑම ප්රජාවකගේම ජීවන තත්ත්වය නඟා සිටුවීම වගේම සංවර්ධනය රටේ සෑම තැනකටම ළඟා වන බව සහතික කිරීම රජයේ අරමුණ වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව පසුගියදා(22) පාර්ලිමේන්තුවේ දී රැස් විය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කර ගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවත්, විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
‘යුධ සමයේ අහිමි වූ ජීවිතවලට වඩා වැඩි සංඛ්‍යාවක් මාර්ග අනතුරු නිසා දෛනිකව රටට අහිමි වෙනවා. අපේ සුපරීක්ෂාකාරීත්වය තුළින් මේ අහිමිවීම්වලින් සැළකිය යුතු සංඛ්‍යාවක් වළක්වා ගන්න පුලුවන්. මධ්‍යම, සබරගමුව, ඌව යන පළාත්වල කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව සිදුවන අනතුරුවල වැඩිවීමක් දකින්න පුලුවන්. මේ අනතුරු අඩුකිරීම සඳහා මාර්ග ආරක්ෂාව වෙනුවෙන් මැදිහත්වන මෙන් බිමල් රත්නායක අමාත්‍යතුමා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් මිලියන දෙකහමාරක මුදලක් ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මාර්ග ආරක්ෂණ ක්‍රියාවලිය වෙනුවෙන් ලබාදීමට කටයුතු කිරීම පැසසිය යුතු කරුණක්.‘
ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ 2023 සහ 2025 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (23) පස්වරුවේ පැවැත්විණි.


රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.