'සොඳුරු නිවසක් - විකසිත පවුලක් " පේළි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ පවුල් 2200 කට ප්‍රතිලාභ

'සොඳුරු නිවසක් - විකසිත පවුලක් " පේළි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ පවුල් 2200 කට ප්‍රතිලාභ
  • SocialShare:

''සොඳුරු නිවසක් - විකසිත පවුලක් " පේළි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ඕපාතවත්තේන් ආරම්භ වූ අතර නුවර එළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, මාතර, කළුතර, ගාල්ල, කෑගල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවල වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ නිවාස පේලි 150 ක් හා පවුල් 2200 ක් ප්‍රතිලාභ ලබයි.

දැකුම්කළු දිවයිනක් සොම්නසින් පිරි ජනතාවක් බිහි කිරීම සඳහා වන Clean Sri Lanka ජාතික වැඩ සටහනට සමගාමීව මෙරට මලයගම් ප්‍රජාව නඟා සිටුවීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය එහි පාර්ශවකරුවන් සමග එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදි.

 මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් වැවිලි ක්ෂේත්‍රයේ නියැළි සිටින අපනයනකරුවන් හා වෙළෙඳ සංගම් හා ආයතන රු.මිලියන 112ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදි.

 වැවිලි ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට මෙන්ම මෙරට තේ ඇතුලු වැවිලි කර්මාන්තය වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවන මලයගම ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම හා සැපවත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

 මෙම පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිවාස පේලි පිරිසිදු කර තීන්ත ආලේප කර පිළිසකර කිරීම, බිත්ති හා ගෙබිම පිළිසකර කිරීම, දිරා ගිය සෙවිලි තහඩු ඉවත් කර අලුතින් සෙවිලි තහඩු යෙදීම හෝ සම්පූර්ණයෙන් වහලය සකස් කිරීම, ශ්‍රමදාන මගින් වට පිටාව පවිත්‍ර කර පිරිසිදු කිරීම, ජලාපවාහන පද්ධති ක්‍රමවත් කිරීම, තැපැල් දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයෙන් එක් එක් නිවෙස් සඳහා අනන්‍ය ලිපිනයන් ලබාදීම, තැපැල් බෙදන නිලධාරීන් මගින් එක් එක් නිවස වෙත ලිපි ලැබීම තහවුරු කිරීම, උප්පැන්න විවාහ සහතික නොමැති අය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රෙජිස්ට්‍රාර් නිලධාරීන්ගේ සහයෝගයෙන් එම උප්පැන්න සහ විවාහ සහතික ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයා දීම වැනි කාර්යයන් සිදු කරන ලදි.

 මලයගම් ප්‍රජාවගේ ආකල්ප සංවර්ධනය හා අධ්‍යාපන මට්ටම ඉහල නැංවීම තුලින් චර්යාත්මක වෙනසක් ඇති කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද  විවිධ ආකෘති ඔස්සේ ක්‍රියාත්මක කරමින් පවති.