All Stories

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම දිනාගත් කයා දළුවත්ත දිවයිනට

බහරේන් හිදී පැවැත්වෙන 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී (Asian Youth Games Bahrain 2025) ශ්‍රී ලංකාව නියෝජනය කළ කයා දළුවත්ත ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම දිනාගත් කයා දළුවත්ත දිවයිනට

චීන නියෝජිත පිරිසක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ විශේෂ සාකච්ඡාවක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ චීන නියෝජිත පිරිසක් පසුගියදා   (24) විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ. ඒ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ද සහභාගී විය.

චීන නියෝජිත පිරිසක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ විශේෂ සාකච්ඡාවක්

සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබිම තුළින් මෙරට ජනතාවට ප්‍රශස්ත, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දිය හැකියි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව තුළින් රෝගී ජනතාවට තම සේවාව නිබඳව ඉටුකරන සෞඛ්‍ය වෘත්තිකයන්ට වර්තමානයේ බලපාන වෘත්තීය ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දී, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ අවශ්‍යවන රාජකාරී පරිසරය සකසා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අරමුණවන බවත්, එයින් වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයට පත්වන නිසා මෙරට ජනතාවට වඩාත් ඵලදායී, විධිමත්, කාර්යක්ෂම, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා ගැනීමට හැකියාව නිරන්තරයෙන්ම ලැබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

සෞඛ්‍ය වෘත්තිකයා වෘත්තීය තෘප්තිමත්භාවයෙන් තැබිම තුළින් මෙරට ජනතාවට ප්‍රශස්ත, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දිය හැකියි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

දවසේ කාලගුණය

උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

දවසේ කාලගුණය

ජනාධිපති අරමුදලෙන් වයඹ පළාතේ අ.පො.ස උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ විශිෂ්ටයන් ඇගයීමේ වයඹ පළාත් වැඩසටහන මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

ජනාධිපති අරමුදලෙන් වයඹ පළාතේ අ.පො.ස උසස් පෙළ  විශිෂ්ටයෝ ඇගයෙති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක විපතට පත් කාර්ය මණ්ඩල සාමාජිකයන් මුදා ගැනේ

ආපදාවට පත් වූ MV INTEGRITY STAR නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලද හදිසි ආපදා ඇමතුමකට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, ඊයේ ( 25) දින ඔවුන් ඉන් මුදාගෙන, අද (26) දින උදෑසන හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත ආරක්‍ෂිතව ගෙන ඒමට සමත් වූහ. මෙම නෞකාව ශ්‍රී ලංකාවට දකුණින් නාවික සැතපුම් 100 ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවේ ප්‍රධාන එන්ජින් අක්‍රිය වීම හේතුවෙන් ආපදාවට පත්ව තිබූ අතර, ඒ හේතුවෙන් එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් දැඩි අපහසු තත්ත්වයකට පත්ව සිටියහ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක විපතට පත් කාර්ය  මණ්ඩල සාමාජිකයන් මුදා ගැනේ