චීන නියෝජිත පිරිසක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ විශේෂ සාකච්ඡාවක්

චීන නියෝජිත පිරිසක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ විශේෂ සාකච්ඡාවක්
  • SocialShare:

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ චීන නියෝජිත පිරිසක් පසුගියදා   (24) විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ. ඒ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ද සහභාගී විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය අදියර තුනකින් සිදුවන අතර, ඒ මහා පරිමාණයෙන්, මධ්‍ය පරිමාණයෙන් සහ කුඩා පරිමාණයෙන් වශයෙනි. අපේ රටේ තේ නිෂ්පාදන ක්‍රියාවලිය ජාත්‍යන්තර නියමයන්ට අනුකූලව සිදුවන අතර, එහිදී ප්‍රමිතිගත තේ නිෂ්පාදනයක් සිදු වන බව මෙහිදි පැහැදිලි කරනු ලැබීය.

චීන නියෝජිත පිරිස හමුවේ අදහස් පළ කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ ඉහළ ජෛව විවිධත්වයකින් යුත් ආහාර බෝග තිබෙන බවයි. මේ වනවිට ශ්‍රී ලංකාවේ කුළු බඩු, කෙසෙල්, අන්නාසි චීනයට අපනයනය කරනු ලබයි. චීනයෙන් මෙරටට බීජ වර්ග මෙන්ම කෘෂි යෙදවුම් ආනයනය කරනු ලබයි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා මෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී විය.