ඒල්නිනෝ බලපෑමෙන් දිවයිනේ වැසි තත්වයේ අඩුවීමක් - කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

ඒල්නිනෝ බලපෑමෙන් දිවයිනේ වැසි තත්වයේ අඩුවීමක් - කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්
  • SocialShare:

එල්නිනෝ තත්වය ලෝකයේ විවධ රටවලට විවිධාකාරයෙන් බලපෑම් ඇති කරන බවත් ඇතැම් රටකට තදින් වර්ෂාව ලැබෙන විට තවත් රටකට දැඩි නියඟ තත්වයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකාවේ පවතින සෘතුවලදී මෙම ඒල්නිනෝ තත්වය වෙනස් විය හැකි බව පෙන්වා දෙන ඒ මහතා මේ වනවිට ඒල්නිනෝ තත්වය දුර්වල මට්ටමක පවතින බවත් සඳහන් කළේය.ඒල්නිනෝ තත්වයේදී නිරිත දිග මෝසම් කාලගුණයේදී වර්ෂාපතනය අඩුකරන බව සඳහන් කළ ඒ මහතා ජූලි මස අග භාගයේදී මෙන්ම අගෝස්තු මාසයේදී වියළි කාලගුණයක් අපේක්ෂා කරන බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 250 ඉක්මවන තද වැසි ඇති විය හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.තවද පැසිපික් සාගරයේ ඇතැම් කැළඹිලි තත්වයන් ඇති වුවහොත් සැප්තැම්ර් මාසයේ යම් වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

පසුගිය වසර 75ක කාලය ඇතුළත මෙවැනි ඒල්නිනෝ තත්වයන් 28ක් පමණ ඇති වී ඇති බවත් ඒ්වා අධ්‍යයනයේදී ඉතා ප්‍රබල එල්නිනෝ තත්වයන් නවයක්  හඳුනා ගත් බව සඳහන් කරන ඒ මහතා එම තත්වයන්වලදී ඔක්තෝබර් මාසයේ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බව නිරීක්ෂණය වූ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.තවද ලබන වසරේ මුල් භාගයේදී ද වැසි තත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ලෝක කාලගුණ සංවිධානය ඊයේ නිකුත් කළ දත්තයන්ට අනුව මෙම එල්නිනෝ තත්වය වේගයෙන් වර්ධනය වන තත්වයක් බව පෙන්වා දුන් ඒ මහතා මෙතෙක් පැමිණි ඒ්වාට  වඩා දැඩි තත්වයක් වන බවත් සඳහන් කළේය.