රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ “ඇසිදිසි පියවර” රත්නපුර දිස්ත්‍රික් මාධ්‍යවේදී වැඩමුළුව පසුගිය දා (03) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පැවැත්විණි.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති එම්.ජී. ලලිත් ආනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම වැඩමුළුව සඳහා දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදී මහත්ම මහත්මීන් 53 දෙනෙකු සහභාගී වූහ.
දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදී මහත්ම මහත්මීන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය හැකියාවන් වඩාත් ප්‍රවර්ධනය කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ විය.
මෙහිදී ජනාධිපති මාධ්‍ය උපදේශක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා විසින් විශේෂ දේශනයක් පැවැත් වූ අතර මාධ්‍යකරණය සඳහා කෘත්‍රිම බුද්ධිය සාධනීය ලෙස යොදා ගැනීම පිළිබඳ ඉතා හරවත් දේශනයක් ආචාර්ය සංජන හත්තොටුව මහතා විසින්ද, මාධ්‍ය ආචාර ධර්ම සහ ශ්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය භාවිතය පිළිබඳ ඉතා වටිනා දේශනයක් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතා විසින් ද පවත්වන ලදී.
“ඇසිදිසි පියවර” රත්නපුර දිස්ත්‍රික් මාධ්‍යවේදී වැඩමුළුව පිළිබඳ දිස්ත්‍රික්කයේ ප්‍රවීණ සහ නවක මාධ්‍යවේදී මහත්ම මහත්මීන් අදහස් දක්වමින් කියා සිටියේ තම වෘත්තීය දැනුම හා වෘත්තීය හැකියාවන් ප්‍රවර්ධනය කර ගැනීමට මෙම වැඩමුළුව බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බවයි.
විශේෂයෙන් මෙම වැඩමුළුවට සහභාගී වූ රත්නපුර දිස්ත්‍රික් ප්‍රවීණ මාධ්‍යවේදී අජිත්ලාල් ශාන්ත උදය මහතා අදහස් දක්වමින් පවසා සිටියේ විද්‍යුත්, මුද්‍රිත මෙන්ම සමාජ මාධ්‍ය යන ඕනෑම මාධ්‍ය ක්ෂේත්‍රයක නියැලෙන මාධ්‍යවේදියෙකුට නව දැනුම, නව කුසලතා හා නව වෘත්තීය හැකියාවන් අත්‍යව්‍ය බවයි. විශේෂයෙන් නවීන සංකල්ප, නව තාක්ෂණය සමඟ මාධ්‍යවේදීන් ගමන් කිරීම අත්‍යව්‍ය බවයි. එම ගමනේදී මෙම වැඩමුළුව සුවිශේෂී වැදගත්කමකින් යුක්ත වැඩමුළුවක් වන බවයි.
මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ (සන්නිවේදන) එල්.පී. තිලකරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


