සබරගමුව පළාතේ රත්නපුර හෙද විදුහලේ 2021 සිසු හෙද කණ්ඩායමේ හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උළෙල (Dedication to the Service - 2021 Batch) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රත්නපුර හෙද විදුහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
එහිදී හෙද සිසු සිසුවියන් සඳහා වන තුන් අවුරුදු පාඨමාලාවේ පළමු වසරේ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 121 දෙනෙකු
සඳහා හිස්වැසුම් පැළඳවීම සිදු කෙරිණි.
එමෙන්ම මෙම උත්සවයේ දී රෝගීන් කෙරෙහි දයානුකම්පාවෙන්, අපක්ෂපාතීව සහ උපරිම කැපවීමෙන් යුතුව සේවය කිරීමට නයිටිංගේල් ප්‍රතිඥාව (Nightingale Pledge) ලබාදීම, වෘත්තියේ ඇති පවිත්‍රත්වය, ප්‍රඥාව සහ රෝගීන්ගේ ජීවිත ආලෝකමත් කිරීමේ වගකීම නිරූපනය කරමින් පහන් දැල්වීම, ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනියගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම සහ පදක්කම් පිරිනැමීම ද සිදු කරන ලදි.
අද වන විට මෙරට සෞඛ්‍ය සේවාවෙි 45,000 ක් පමණ හෙද වෘත්තිකයින් වන බව බව මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
තුන්වන ශේණියේ හෙද නිලධාරිනියක් ලෙස තම තෙවසරක පුහුණු පාඨමාලාවේ පළමු වසර සාර්ථකව නිම කිරීමෙන් පසු, ප්‍රායෝගික සායනික සේවාවන් සඳහා රෝහල් පද්ධතියට ඇතුළත් වන මෙම 121 දෙනෙකුගෙන් යුත් හෙද කණ්ඩායම මෙරට සෞඛ්‍ය සේවාවෙි මානව සම්පත ශක්තිමත් කිරීමට අද සිට එක්වන බවත්, රෝගී ආරක්ෂිත විශ්වාසදායි, ගුණාත්මක සේවාවක් ලබාදීමට සියළු දෙනා අදිටන් කරගත යුතු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
2021 සිසු හෙද කණ්ඩායමට අමතරව රත්නපුර හෙද විදුහල තුළ 2020 සිසු හෙද කණ්ඩායමේ 164 දෙනෙකු සහ 2022 සිසු හෙද කණ්ඩායමේ 164 ක් මෙන්ම වාට්ටු කළමණාකරණ සහ අධීක්ෂණ පාඨමාලාවේ 24 දෙනෙකු ද
මේවන විට අධ්‍යයන කටයුතුවල නිරතව සිටී.
1959 වර්ෂයේ ආරම්භ කළ රුවන්පුර හෙද විදුහල සබරගමුව පළාතට ඇති එකම හෙද විද්‍යාලයයි. දැනට දසදහසකටත් වඩා හෙදියන් සෞඛ්‍ය ක්ෂෙත්‍රයට දායාද කරමින් අනගි මෙහෙවරක් ඉටු කරනු ලබන රත්නපුර හෙද විදුහලේ මෙවර 2021 හෙද කණ්ඩායම දිවයිනේම ඉතා ඉහළ සාමාර්ථ ලබා ගැනීමට හැකිවී තිබීම ද විශේෂත්වයකි.
මෙම අවස්ථාවට හෙද අධ්‍යක්ෂවරුන්වන එම්.බී.සී සමන්මලී, සුනිල් ශාන්ත, හෙද සභාවේ සභාපති ඩබ්.කේ.කීර්තිරත්න, සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.එම්.එස්. බණ්ඩාර, රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුජ රොඩ්‍රිගෝ, රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයතිලක, රත්නපුර හෙද විදුහලේ විදුහපති එම්.ඩි.එන් කුමාරි
යන මහත්ම මහත්මීන් මෙන්ම හෙද විදුහල්වල විදුහල්පතිවරුන්,හෙද ආචාර්යවරුන්, දෙමව්පියන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.


