දෙයියන්දර ආයුර්වේද රෝහලේ නව තෙමහල් වාට්ටු සංකීරණය විවෘත කෙරේ

දෙයියන්දර ආයුර්වේද රෝහලේ නව තෙමහල් වාට්ටු සංකීරණය විවෘත කෙරේ
  • SocialShare:

“රජයත් , පුද්ගලික අංශයත් , ජනතාවත් එක්ව සිදුකළ හැකි සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති සඳහා එච්.පී. පියසිරී රජයේ ආයුර්වේද රෝහල කදිම උදාහරණයක් බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

දෙයියන්දර, බෙල්පාමුල්ල පිහිටි එච්. පි. පියසිරී රජයේ ආයුර්වේද රෝහල වෙනුවෙන් ඉදිකෙරුණු  නව තෙමහල් වාට්ටු සංකීර්ණය  විවෘත කිරීමේ අවස්ථාවට  ඊයේ(25)එක්වෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

මෙම නව තෙමහල් වාට්ටු සංකීර්ණය  ෆිනෝමිනල් ට්‍රේඩිං ආයතනයේ අධිපති දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා සහ ඔහුගේ දරුවන්ගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදි කරනු ලැබූ අතර මෙහි දී වාට්ටු සංකීර්ණය  නිල වශයෙන් රජය වෙත භාර දීමේ සන්නස් පත්‍රය  දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා විසින්  අග්‍රාමාත්‍යවරිය වෙත පිරිනමන ලදී.

මෙහි දී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරිය රජයත් , පුද්ගලික අංශයත්, ජනතාවත් එක්ව සිදුකළ හැකි සංවර්ධන වැඩසටහන් ව්‍යාපෘති සඳහා මෙම රෝහල කදිම උදාහරණ සපයන බව පැවසීය.

සමාජ වගකීමකින් යුතු ව්‍යාපාරිකයින් පිළිබඳ ආදර්ශ අනාගත පරපුර වෙනුවෙන් ලබා දෙන දක්ෂ ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතාවය මේ යුගය තුළ පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා ය.

මෙම  තෙමහල් වාට්ටු සංකීර්ණය අංගසම්පූර්ණ ලෙස  නිමවා පරිත්‍යාග කරමින් ඉටු කළ මෙහෙවර වෙනුවෙන්  අග්‍රාමාත්‍යවරිය මෙහි දී දේශමාන්‍ය  එච්. ජී. පියසිරී මහතාට සහ පවුලේ සැමට ස්තුතිය පුද කර සිටින ලදී.