All Stories

GovPay රුපියල් බිලියනයකට අධික ඩිජිටල් ගෙවීම් ප‍්‍රමාණයක් සම්පූර්ණ කරයි

මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන ‘GovPay’ හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් නිවේදනය කරයි.

GovPay  රුපියල් බිලියනයකට  අධික ඩිජිටල් ගෙවීම් ප‍්‍රමාණයක් සම්පූර්ණ කරයි

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි

කුලියාපිටිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිල වශයෙන් භාර ගැනේ

කුලියාපිටිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිල වශයෙන් භාර ගැනීම අද (03) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

කුලියාපිටිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිල වශයෙන් භාර ගැනේ

විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ වැඩ බාර ගනී

විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ‌යේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ වැඩ බාර ගැනීම අද (03) පෙරවරුවේ සිදු විය.

විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ වැඩ බාර ගනී

බස්නාහිර පළාතේ හෝමාගම, හේනේවත්ත ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

ඩෙංගු අවදානම් කලාපයක් සහ මදුරු ඝණත්වය ඉහළ අගයක් ඇති ප්‍රදේශයක් බවට හදුනා ගන්නා ලද බස්නාහිර පළාතේ හෝමාගම, 482 C හේනේවත්ත ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරන ලදි.

බස්නාහිර පළාතේ හෝමාගම, හේනේවත්ත ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

දේශීය ආයුර්වේද වෛද්‍ය සේවයට එකවර වැඩිම වෛද්‍යවරුන් පිරිසක් බඳවා ගනිමින් 303 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කෙරේ

වත්මන් රජය රාජ්‍ය සේවයට අළුතින් 72,000 ක් බඳවා ගැනිමට කටයුතු කළ බවත්, ඉන් 7,000 ක ප්‍රමාණයක් සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (03) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ (නිල මැදුර) දී  සිදු කෙරිණි.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ පසුගිය වසර වල විවිධ අකාරයට එක් එක් අවශ්‍යතාවයන් මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු කිරීම හේතුවෙන් රාජ්‍ය සේවක ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාලව තිබූ බවත්, වත්මන් රජය රාජ්‍ය සේවයට බඳවා ගැනීම් විධිමත් කිරීමට ක්‍රමවේදයක් සකස් කළ බවයි.

ඒ අනුව සමස්තයක් ලෙස රජය රාජ්‍ය සේවයට අළුතින් 72,000 ක් බඳවා ගැනිමට කටයුතු කළ බව ද එයින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් 9,000 ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඉන් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට මේ වනවිටත් කටයුතු කර ඇති බව ද  ඒ අතර පසුගිය මාස 06 තුළ හෙද නිලධාරින් සහ නිලධාරිනියන් 4,141 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කර ඇති බව ද පැවැසීය. 

2018 වසරට පසුව දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා විශාලතම වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් එකවර බඳවා ගැනීම අද දින සිදු වූ අතර, මෙරට ආයුර්වේද සේවාවේ අනාගත ප්‍රතිඵලදායකත්වය වර්ධනය කිරීමටත්, ගුණාත්මක රෝගී සත්කාර සේවයක් ලබාදීම සඳහාත්, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි මෙම බඳවා ගැනීම් සිදු කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයූතු යොදනු ලැබිය.

2018 වසරෙන් පසු ගෙවුණු කාලපරිච්ඡේදය තුළ උපාධිධාරීන් බඳවා ගෙන තිබුණේ ඉතා සීමිති පිරිසක් බව සඳහන් කළ අමාත්‍යවරයා දීර්ඝ කාලයක් බඳවා ගැනීම් සිදු නොවීමෙන් ගැටළු රැසක් උද්ගතව පැවති බව ද එහෙත් පවතින පරිපාලන ගැටළු සහ පැරණි ක‍්‍රමවේදයන්හි තිබෙන අඩුපාඩු නිසා පත්වීම් ලබාදීමට මාස 08 ක පමණ කාලයක් ගත වූ බව ද පැවැසීය. තවත් උපාධිධාරීන් 2000 ක පමණ පිරිසක් රාජ්‍ය සේවයට ඇතුළත්වීමට බලාපොරෝත්තුව සිටින බවත් එම පිරිස බඳවා ගැනීම ඉතා ක්‍රමාණුකූලව සිදු කළ යුතු බව ද පැවසීය. වර්තමානක රජය භාරගනු ලැබුවේ ඉතා සුමුදු සුවපහසු රටකත් නොවන බව පැවසු අමත්‍යවරයා එබැවින් ආර්ථික ශක්තිමත් වීම මත පමණක් අනෙකුත් කටයුතු සඳහා මුදල් වෙන් කිරීමට සිදුවන බව ද රාජ්‍ය ආදායම් ඉලක්ක තබාගෙන සියලු කටයුතු සැලසුම් කළ යුතු බව ද සඳහන් කළේ ය. 

බිඳවැටී ඇති රාජ්‍ය යාන්ත‍්‍රණයත්, නවීනත්වය එකතු නොවූ යාවත්කාලීන නොවූ ආයුර්වේදයත් ගොඩනැඟීම සඳහා තරුණ ජවයක් අවශ්‍ය බවත්, එමෙන්ම මේ රට ගොඩනඟන්න රටට ආදරේ කරන බුද්ධිමත් ක්‍රියාශීලි පිරිසකගේ අවශ්‍යතාවය පවතින බව ද  මෙම බඳවා ගැනීම් තුළින් එම අරමුණු ඉටුවනු ඇතැයි ද පැවැසීය.

ආයුර්වේද රෝහල් පද්ධතියත් ප්‍රාථමික සෞඛ්‍ය සේවයත් යුගයේ අවශ්‍යතා වලට ගැළපෙන පරිදි නව දැනුම සහ තාක්ෂණය එකතු කර ගනිමින් දියුණු කිරීම සඳහා රජය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මගින් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන බව ද ,‍ “සුවපත් රටක් සඳහා” යන තේමාව යටතේ  එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා පත්වීම්ලාභී සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

දිවයින තුළ පිහිටි මධ්‍යම රජයේ ආයුර්වේද රෝහල් සහ පළාත් සභා ආයුර්වේද රෝහල් තුළ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා පුහුණු, පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පත්වීම්ලාභීන් වසරක කාලයක් පරිපූර්ණ පුහුණුවක් ලබා දී ඇත.

මෙම බඳවා ගන්නා වෛද්‍ය නිලධාරින් රේඛීය අමාත්‍යාංශය සහ පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන ආයතන සහ රෝහල් සඳහාත්, පළාත් පාලන ආයතන කිහිපයක ආයතන වෙතත් යොමු කිරීමට ද නියමිතය.

ශ්‍රී ලංකාව තුළ පැතිර යන බෝවන හා බෝ නොවන රෝග මෙන්ම වසංගත තත්ත්වයන් පාලනය කිරීමට සහ වකුගඩු රෝගී තත්ත්වයන් බහුලව ව්‍යාප්ත වී ඇති ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සේවාව  ලබාදීමට  ආයුර්වේද දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට අතිරේක ලේකම් (සංවර්ධන) දේශීය වෛද්‍ය අංශය සහ ආයුර්වේද කොමසාරිස් ජනරාල් සමන්ති රණසිංහ, නියෝජ්‍ය ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය එම්.වසන්ත පද්මකුමාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් (පාලන) ශම්මි දෙනාවත්ත, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ එචි.ටී.ඩබ් චතුරංග යන මහත්ම මහත්මීන් ඇතුළු  දේශීය වෛද්‍ය අංශයේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්, ගණකාධිකාරීවරුන්, ආයුර්වේද රෝහල් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දේශීය ආයුර්වේද වෛද්‍ය සේවයට එකවර වැඩිම වෛද්‍යවරුන් පිරිසක් බඳවා ගනිමින් 303 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කෙරේ