සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වේ.
එමෙන්ම මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මධ්යම රාත්රියේදී සහ අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.


