ආදේශක පොන්නි සම්බා සහල් ඉදිරියේදී වෙළඳපොළට නිකුත් කරනවා - අමාත්‍ය විජිත හේරත්

ආදේශක පොන්නි සම්බා සහල් ඉදිරියේදී වෙළඳපොළට නිකුත් කරනවා - අමාත්‍ය විජිත හේරත්
  • SocialShare:

වෙළඳපොළේ පවතින කීරි සම්බා හිඟයට ආදේශයක් ලෙස පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 20000ක් ආනයනය කරන බවත් අද එහි අවසන් තොගය මෙරටට පැමිණෙන බවත් වැඩබලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
මෙම කන්නයේදී වැඩිපුර වගා කොට තිබුණේ නාඩු සහල් බවත් කීරි සම්බා වගාකිරීමේ අඩුවක් පැවති බවත් සඳහන් කළ අමාත්‍යවරයා ආනයනික පොන්නි සම්බා සහල් ඉක්මනින් වෙළඳපොළට නිකුත් කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම රුපියල් 260ක මිලකට පොන්නි සම්බා සහල් මිලදී ගැනීමට හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා  ඉදිරියේදී සහල් මිලෙහි අඩුවක් සිදුවන බවද එහිදී පෙන්වා දුන්නේය.