මැලේසියානු වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘KM BENDAHARA’ නෞකාව දිවයිනට පැමිණෙයි

මැලේසියානු වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘KM BENDAHARA’ නෞකාව දිවයිනට පැමිණෙයි
  • SocialShare:

මැලේසියානු වෙරළාරක්‍ෂක බලකායට අයත් ‘KM BENDAHARA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (27) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.     

මෙලෙස දිවයිනට පැමිණි ‘RELIANCE CLASS – MEDIUM ENDURANCE CUTTER’ වර්ගයට අයත් ‘KM BENDAHARA’ නෞකාව, දිගින් මීටර් 64.16 ක් හා නැව් මුළුව 50 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් (Maritime) MOHD FAHIMI BIN OMAR කටයුතු කරනු ලබයි.  

‘KM BENDAHARA’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අතර, මෙම නෞකාව 2025 ඔක්තෝබර් මස 30 වැනි දින නිල සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.